දම්පත් රණසිංහ
මහර බන්ධනාගාරයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවූවන් 187 දෙනෙකු හිස් කරන ලද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත මාරුකර තිබේ.
ඊයේ දිනය තුළ ද එහි රැඳවූවන් ගැටුම් තත්ත්වයක් ඇතිකර ගැනීමට උත්සාහ කළ බව වාර්තා විය.
මේ අතර මහර බන්ධනාගාරයේ රැඳවූවන් වෙත ආහාර යැවීම වැලිකඩ ඇතුළු පිටත බන්ධනාගාර වලින් සිදුකරන බව වාර්තාවේ.
මේ අනුව වැලිකඩ බන්ධනාගාරයෙන් බත් පැකට් 2300ක් ඊයේ මහර බන්ධනාගාරය වෙත යවා ඇත.
උදෑසන ආහාරය සඳහා පාන් ගෙඩි 2000ක් යැවීමට ද වැලිකඩ බන්ධනාගාරය කටයුතු කර තිබේ.
එක වරම විශාල ප්‍රමාණයක් ආහාර සැකසීමට වැලිකඩ බන්ධනාගාරයට සිදු වීම නිසා ඊයේ (30) දහවල් ආහාර සැපයීම ප්‍රමාද වූ බවද වාර්තා වේ.