අපොස සාමාන්‍ය පෙළ විභාගය 2020 ජනවාරි මස 18 වන දින ඇරඹීමට තිබුණද එදිනට ආරම්භ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරීස් මහතා පවසයි.
අද (01) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ පවතින තත්ත්වය යටතේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 50ක් පමණ පිරිසකට මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවය.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි මස 18 වන දින සිට 27 වන දින දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.
කෙසේවෙතත් රට තුළ පවතින කොවිඩ් තත්ත්වය සති දෙකෙන් දෙකට විශ්ලේෂණය කර බලමින්, විභාගය පැවැත්වීමට ඇති ඉඩකඩ සොයා බලන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීය.