2008 වසරේ සිට මේ දක්වා ගත වූ වසර 12 ක කාලය තුළ ඇමර්සන් වනාන්තරයෙන් වාර්තා වූ ඉහළම වන විනාශය මේ වසරේදී වාර්තා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වාදේ.
2019 වසරේ අගෝස්තු මස සිට 2020 වසරේ ජූලි මාසය දක්වා කාලය තුළ පමණක් ඇමර්සන් වනාන්තරයේ වර්ග කිලෝ මීටර් 11,088 ක භූමි ප‍්‍රදේශයක් විනාශ වී ඇති බවද එම වාර්තා සඳහන් කර ඇත එය, පෙර වසරට වඩා සියයට 9 යි දශම පහකට වැඩි වන විනාශයකි.
ජයිර් බොල්සොනාරෝ බ‍්‍රසීල ජනාධිපතිවරයා වශයෙන් බලයට පත් වූ 2019 වසරේ ජනවාරි මාසයේ සිට ඇමර්සන් වනාන්තරයේ වන විනාශය සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට පරිසර විද්‍යාඥයින් චෝදනා කරන අතර ඇමර්සන් වනාන්තරයේ සිදු කෙරෙන කෘෂිකාර්මික කටයුතු සහ පතල් කැණීමේ කි‍්‍රයාවලීන් බ‍්‍රසීල ජනාධිපතිවරයා විසින් දිරි ගන්වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.