උමංග බණ්ඩාර
ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 185ක් රැස් කිරගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කැන්ඩි ටස්කර්ස්ට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 131ක් පමණි.
ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ලකුණූ 54ක ජයක් හිමි විය.
තරඟයේ වීරයා සම්මානය තිසර පෙරේරා විසින් හිමි කර ගැනීමට සමත් විය. තරගාවලියේ තමන් සහභාගී වූ සෑම තරගයක්ම ජයගත් එකම කණ්ඩායම වන්නේද හ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි.
ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ඊයේ පැවති අනෙක් තරගය වූයේ කළම්බු කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ස් කණ්ඩායමට හිමි විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම කඩුළු 9ක් දැවී ලකුණු 175ක් රැස් කිරගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කළම්බු කිංග්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 147ක් පමණි.
ඒ අනුව දඹුල්ල වයිකින්ග්ට ලකුණූ 28ක ජයක් හිමි විය.
තරඟයේ වීරයා සම්මානය දසුන් ශානක විසින් හිමි කර ගැනීමට සමත් විය.