මියයන මුස්ලිම් කොවිඩ් රෝගීන් ගැන යෝජනාව CMCහි සම්මත වූයේ නීතිවිරෝධීවයි

Picture of අසංක

අසංක

කොවිඩ් රෝගයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය යුතු බවට වන යෝජනාව කොළඹ මහනගර සභාවේදී සම්මතවූයේ නීති විරෝධී ආකාරයකින් වන බවත් ඊට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්‍ෂ මන්ත්‍රීවරුන්ද විශාල පිරිසක් විරෝධය පලකල බවත් නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගෝනවල මහත්මිය අවධාරණය කර සිටී.

ඒ අනුව එම යෝජනාව සම්මත වූ ලෙස සැලකිය නොහැකි බවත් ගෝනවල මහත්මිය අප වෙබ් අඩවිය වෙත පැවසීය.

මෙම යෝජනාවට අදාළ ජන්ද විමසීම සිදුකරන අවස්ථාවේ සභාව තුල අවශ්‍ය ඝන පූර්ණය පවා නොතිබුණු බවත් , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මෙම යෝජනාවට එරෙහිව අදහස් දැක්වූ බවත් ඇය සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පැවසුවාය . ” මා මෙන්ම මහින්ද කහඳගම මහතා ඇතුළු පොදු පෙරමුණු මන්ත්‍රීවරු රැසක් මෙම යෝජනාවට එරෙහිව සභාවේ අදහස් දැක්වුවා , මෙහිදී සභාව තුල දැඩි කලහකාරී තත්වයක්ද ඇතිවුනා ,මෙම යෝජනාවට දෙපාර්ශවයේම මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් පවා ජන්දය දීමෙන් වැලකුනා . ඔවුන් ජන්දය මගහැර ගියා . ජන්ද විමසීම අවස්ථාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පවා සිය අසුනේ හිටියේ නැහැ . මෙම යෝජනාව සම්මතවුයේ නීති විරෝධී ලෙසයි . සභාවේ සම්මතයන්ට පටහැනි ලෙසයි .” මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…