අඩු අවදානම් කලාපවලත් කොරෝනා පොකුරු

Picture of අසංක

අසංක

රටපුරා විවිධ ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්තියට අදාලව අවදානම් සහ සංකීර්ණ තත්වයන් මතු වෙමින් ඇති බවත් මීට පෙර අඩු අවදානම් කලාප ලෙස හැඳින්වූ ප්‍රදේශ වල පවා රෝගී පොකුරු නිර්මාණය වෙමින් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

ඒ අනුව මේ මොහොතෙදි මෙම ප්‍රදේශවල රෝගය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කර රෝගය වෙනත් ප්‍රදේශ කරා ව්‍යාප්ත වීම වැළැක්වීම ප්‍රධානම අභියෝගය බවට පත්ව ඇති බවද එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත අද පැවසීය.

මෙහිදී විශේෂයෙන්ම කොළඹ මහ නගරසභා සීමාව අතිශයින්ම වැදගත් වන බවද එම ප්‍රදේශයේ . මෙතෙක් සිදුකර ඇති PCR පරීක්ෂණ 36521කදී කොවිඩ් ආසාදිතයින් 6992ක් හඳුනාගන්නට හැකිවී ඇති බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය