කොරෝනා මඬින හෙළ ඔසුවේ පර්‍යේෂණ සඳහා රාජ්‍ය අනුග්‍රහය

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධය පරීක්‍ෂා කිරීමේ ක්‍රමවේදයට අදාල යෝජනා මාලාව කඩිනමින් සැකසීමට විද්වත් කමිටුවක් පත්කර ඇත.

මෙම ඖෂධය ශ්‍රී ලංකාවට මෙන්ම මුළු ලොවටම ලබා දීමට නම් ‍විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුකූලව පර්යේෂණ සිදු කළ යුතු බවත් ඊට අදාළ ක්‍රමවේදය පිළිබඳ යෝජනා මාලාවක් සකස් කිරීම සඳහා මෙම කමිටුව පත්කර ඇති බව සෞඛ්‍ය ඇමතිනිපවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පස්වරුවේ මාධ්‍ය වෙත පැවසීය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වන ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් කොවිඩි වෛරසයට එරෙහිව සකස් කර ඇති මෙම ඖෂධය ආසාදිතයින්ට ලබා දීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අද පවතී විශේෂ සාකච්ඡාවකදී ඇමතිනිය මේ බව පැවසීය.

මහාචාර්ය සේනක පිලපිටිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සාමාජිකයින් ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා, මහාචාර්ය සිසිර සිරිවර්ධන මහතා, මහාචාර්ය සරෝජ ජයසිංහ මහතා, මහාචාර්ය ලේකම්වසම් මහතා, මහාචාර්ය ජනක ද සිල්වා මහතා, මහාචාර්ය සෑම් කුලරත්න මහතා, හා මහාචාර්ය කමනි වනිගසූරිය මහත්මිය පත් කර ඇත.

කොවිඩ් වෛරසයට එරෙහිව දේශීයව නිෂ්පාදනය කළ මෙම ඖෂධය පිළිබද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානයට යොමුවී ඇති බැවින් ඖෂධයට අදාල ඉදිරි පර්යේෂණ කටයුතු රාජ්‍ය මට්ටමින් සිදු කරන ලෙසත්, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු අනෙකුත් රාජ්‍ය ආයතනවල සහාය ද ලබාදෙන ලෙසත් වන්නිආරච්චි මහත්මිය උපදෙස් ලබා දී ඇත.