බුරවි නිසා අයෙක් අතුරුදන් – 10,000ක් පීඩාවට

Picture of අසංක

අසංක

බුරෙවි සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ තද වැසි හා සුළං තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 6 ක ජනතාව 12,252 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එක් අයෙකු අතුරුදහන් වූ අතර 4 දෙනෙකු තුවාල ලබා තිබේ.

පවුල් 10336ක් අවතැන් වී තිබේ.

ඔවුන් තාවකාලික කඳවුරු 76ක රඳවා ඇත.

නිවාස 15 ක් සම්පූර්ණයෙන් හානි වී නිවාස 139ක් සුළු හානි වී තිබේ.