පැතුම් වික්‍රමරත්න
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කර සිටී
සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වුවහොත් මාස 03ක කාලයක් තුලදී එනම් ජුනි මාසය වන විට විභාග ප්‍රථිපල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් ප්‍රකාශ කළේය .
විභාගය මාර්තු මාසයේ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත්, එය තවදුරටත් කල් දැමීමට අවශ්‍ය නොවන බවත් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය .
අමාත්‍ය ජී. එල්. පීරිස් වැඩිදුරටත් කියා සිටියේ ජූලි මාසයේ සිට අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවය.