දම්පත් රණසිංහ
ඩුබායි පොලිස් අත්අඩංගුවෙන් මුදාහැරීමෙන් පසු මෙරටට පැමිණි නදිමාල් පෙරේරා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ මේ සතිය තුළ තම පියාව නිදහස් කරන බවට එරට පොලීසියෙන් දැනුම් දුන් බවයි.
මොවුන් දෙදෙනා එරටින් පිටුවහල් කර නොමැති අතර සාමාන්‍ය ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණ තිබේ.
නදිමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාරගෙන් මේ වනතුරුත් කටුනායක ගුවනතොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.
පාතාල නායක මාකදුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගනු ලැබූ අමල් පෙරේරාගේ පුතා වන නදිමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර නමැත්තා අද උදෑසන ලංකාවට පැමිණ ඇත්තේ එරට පොලීසියෙන් නිදහස් කිරීමෙන් අනතුරුවයි.