කොළඹ මහා නගර සභා බලප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් ලබාගන්නා ජෛව සාම්පලයන්හි වෛරස් මට්ටම මේ වනවිට පහල අගයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටී.
ඒ අනුව කොළඹ මහ නගර සභා සීමාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉදිරියේදී අඩුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශ්වාසය පළ කර සිටී .
කෙසේ වෙතත් තවදුරටත් එම ප්‍රදේශවල ජනතාව හැකි උපරිමයෙන් සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කල යුතු බවද එම සංගමය අවධාරණය කර ඇත