ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය මෙරට ඇතැම් රෝහල් තුල ක්‍රියාත්මක කෙරෙනුයේ ඉතාමත් අනාරක්‍ෂිත අකාරයකට බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනය චෝදනා කර සිටී
ඇතැම් රෝහල් අධ්‍යක්ෂවරු රෝහලේ වාට්ටු තුළ මෙම පරීක්ෂණය සිදුකිරීමට පියවර යොදා ඇති බවත් එයින් රෝහල තුල මෙම කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බවත් එම ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත .
මෙම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කළ යුත්තේ රෝගියෙක් රෝහලට ඇතුළුවන ස්ථානයේ සකස් කරගන්නා ඇටවුමක සිට බවද කුමුදේශ් මහතා මෙහිදී අවධාරණය කර ඇත
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුමුදේශ් මහතා මෙසේද පවසා ඇත
”ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ රෝහල් වාට්ටුවලදී කිරීම සුදුසු නැහැ .මොකද වාට්ටුවට රෝගියා ඇතුල් වෙනකොට රෝහල තුළ බොහෝ ස්ථානවල සැරිසරලා බොහෝ ස්ථානවල රෝගය බෝකරලා තමයි වාට්ටුවට ඇතුල් වෙන්නේ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය නැවත මාර්ගෝපදේශයක් දෙන්න වෙනවා ,ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වාට්ටු ගානේ කිරීම නෙවෙයි කළ යුත්තේ රෝගියා රෝහලට ඇතුළු වෙන ස්ථානයක අටවා ගන්නා ලද ඇටවුමක රෝගියා පරීක්ෂා කරලා රෝගියෙකු බව හඳුනා ගත යුතුයි