මෙරට ළාබාලතම කොවිඩ් මරණය දින 20 වියැති බිළිඳෙක් – මවට පියාට කොවිඩ් නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරට තුළ COVID-19 වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ ලාබාලතම මරණය ඊයේ (8) වාර්තා වී තිබේ.
ඒ දින 20 ක් වයසැති ළදරුවෙකි.
බිළිඳා නියුමෝනියාවෙන් පෙලී ඇති අතර පෙරේදා රාත්‍රියේ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේදී මියගොස් තිබේ.
එහෙත් බිළිඳාගේ මවට සහ පියාට වෛරසය ආසාදනය වී නැතැයි PCR මගින් තහවුරු වී තිබේ.
 මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 142ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් හමුවූ රෝගීන් ගණන 28580කි.
ඉන් 21258ක් සුවය ලබා පිටව ගොස් ඇත.