දේශපාලන පළිගැනීම් පිළිබඳ  කොමිසමේ වාර්තාව ජනපතිට 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (08) භාරදී තිබේ.
කොමිසම් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී එම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුනි.
2015 වසරේ ජනවාරි මස 08 වනදා සිට 2019 වසරේ නොවැම්බර් මස 16 වන දින දක්වා අල්ලස් කොමිසම, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතන විසින් සිදුකරන ලද විමර්ශන හේතුවෙන් දේශපාලන පළිගැනීමට ලක්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා මෙම කොමිසම් සභාව පත්කර තිබුණි