දම්පත් රණසිංහ
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.
නිලන්ත ජයවර්ධන මහතාට මීට පෙර ස්ථාන මාරුවක් ලබා දී තිබුනේ නැගෙනහිර පළාතේ සිට උතුරු මැද පළාත් භාර ප්‍රධානියා ලෙසයි.
නමුත් උතුරු මැද පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කළ නන්දන මුණසිංහ මහතා එම ස්ථාන මාරුව ලබා නොගෙන එය අවලංගු කර ගැනීම හේතු කොට ගෙන උතුරුමැද පළාතට ලබාදී තිබූ ස්ථාන මාරුව මධ්‍යම පළාත වෙත යොමු කරමින් නිලන්ත නිලන්ත ජයවර්ධන මහතා මධ්‍යම පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත් කර තිබේ.
බස්නාහිර පළාත හැරුණු කොට ඊළඟට තිබෙන ප්‍රධානතම පොලිස් පළාත ලෙස සැලකෙන්නේ මධ්‍යම පළාතයි.