අමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වී ඇති ජෝ බයිඩ්න් විසින් කොවිඩ් -19 වසංගතයෙන් අමෙරිකානු ජනතාව බේරා ගැනීම සඳහා දින 100 ක වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත.
තමා ජනපති ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පළමු දින 100 තුළ අමෙරිකානු ජනතාව වෙනුවෙන් මිලියන 100ක කොවිඩ් එන්නත් ලබා දෙන බව මෙහිදී ඔහු අවධාරණය කර ඇත.
මෙහිදී බයිඩ්න් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනපති ධුරය භාර ගත් සැනින් කොවිඩ් වසංගතය රටින් තුරන් නොහැකි වුවත් Covid-19 වෛරසය පාලනය කිරීමට පියවර ගන්නා බවයි.
එසේම බයිඩන් අමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පළමු දින 100 තුළ මුව ආවරණ පළඳින ලෙසයි.