ශානිගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි

Picture of අසංක

අසංක

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක රෝහණ මෙන්ඩිස් මහතා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට ගම්පහ මහාධිකරණය අද නියෝග කර ඇත.

ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ හා අධිකරණ නොමග යැවීමේ චෝදනා මත ශානි අබේසේකර මහතා සහ රෝහණ මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.