අතුරුදන් නෙදර්ලන්ත හිමිගේ දේහය දොඩන්දූව කළපුවකින් හමුවෙයි

Picture of අසංක

අසංක

දොඩන්දූව, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කළ නෙදර්ලන්ත ජිනවංශ නමින් පැවිදිව වැඩ වාසය කළ හිමිනමකගේ දේහය දොඩන්දූව කළපුවේ තිබී හමුව තිබේ.

දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි උන්වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් සැකයක් මතුවී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

උන්වහන්සේ සම්පුර්ණයෙන් විනය පිටකය මතක තියාගත් භික්ෂූන් වහන්සේ නමකි.

පොහෝය විනයකර්ම පවා සම්පුර්ණයෙන්ම තම මතක ශක්තියෙන් දේශනය කරන හිමි නමක් වන උන්වහන්සේ පොල්ගස්දූව ආරණය සේනාසනයේ හුදෙකලාව උග්‍ර තපස් දිවියක් ගතකර ඇත.

60 හැවිරිදි උන්වහන්සේගේ දේහය පශ්චාත් පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ තබා ඇත.