නවතම පුවත්

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කරන්න- ජනපති බලධාරීන්ට අවධාරණය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  බලධාරීන්ට උපදෙස් දෙයි.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටිති. ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

බන්ධනාගාර තුළ පවතින අඩු පාඩු සහ ගැටළු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය පිටුදැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිර ගෙවල් ඉදි කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

විදෙස් රටවල සිර මැදිරිවල ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල  ප්‍රමාදයන් නිසා අතිවිශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරතව සිටිති. රේගුව, පොලීසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර පවතින ගැටළු නිරාකරණයට පියවර ගත යුතු යැයි ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා