දම්පත් රණසිංහ
නදිමාල් පෙරේරට සහ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කමාරට මෙරටට පැමිණීමට ගුවන් ටිකට්පත් වෙන්කරවා ඊට මුදල් ලබාදී ඇත්තේ ද මාකඳුරේ මධූශ්ගේ අනියම් බිරිඳ බවට හෙළිවී තිබේ.
ලලිත් නමැත්තා මධූශ්ගේ පාසල් මිතුරකු බවත් ඔහුගේ දුරකථන බිල්පත් පවා ගෙවා ඇත්තේ මධූෂ් බවත් හෙළිවී ඇත.
ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් සහ ලලිත් දෙදෙනා ඩුබායි පොලීසියෙන් නිදහස් කර තිබුණේ ඊයේ දිනයේදී ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.