අමෙරිකානු අහාර සහ ඖෂධ පාලනාධිකාරිය (FDA) විසින් කොරෝනා වෛරසයට එරෙහිව Pfizer – BioNTech සමාගම එක්ව නිෂ්පාදනය කළ එන්නත එරට හදිසි භාවිතය සඳහා අනුමත කර ඇත .
මෙම එන්නතෙහි වාසි, ඉන් එල්ලවන අවදානම ඉක්මවීම හමුවේ මෙම තීරණය ගත්බව ද එම කමිටුව පවසා ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුල මෙම එන්නතට අමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ එන්නත් ප්‍රධානියාගේ අනුමැතිය හිමිවීමට නියමිතය
මේ වනවිට බ්‍රිතාන්‍ය, කැනඩාව, බහරේනය සහ සෞදි අරාබිය කොරෝනා මර්දනය සඳහා වූ එන්නත ලබා දීම ආරම්භ කර තිබේ.