පී .සී .ආර් පරීක්ෂණ සිදු කළ හැකි අධිතාක්ෂණික රසායනාගාර 5 ක් අලුතින් ස්ථාපනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත .
කොළඹ ජාතික රෝහලේ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඉන් රසායනාගාර දෙකක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර කළුතර, කෑගල්ල සහ කුරුණෑගල රෝහල්වල අනෙක් රසායනාගාර ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත .
අදාළ අධිතාක්ෂණික රසායනාගාර සඳහා අවශ්‍ය උපකරණ කට්ටල ලබාදෙන්නැයි අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා පිළිබඳ කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තාවේ .