විමල්ගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර දෙයි

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

හිටපු ඇමති විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරීක්ෂා කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා අද අවසර දුන්නේ ය.

අදාළ නඩුව කැදවූ අවස්ථාවලදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කළ ඉල්ලීමකට විනිසුරුවරයා එලෙස අවසර ලබාදුන්නේ ය.

2009 සිට 2014 දක්වා කාලසීමාව තුළදී විත්තිකාර හිටපු ඇමැති විමල් වීරවංශ මහතා රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණි.