උමංග බණ්ඩාර
වඩා වැදගත් වන්නේ ආරම්භය නොව අවසානය යයි කදිමට කියා දුන් ගාල්ල ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ කොළඹ කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අතිශය තියුණු අවසන් පූර්ව තරගයකින් අනතුරුව ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.
තරගාවලියේ පළමු තරගයත් ජයගනිමින්, මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි කොළඹ කිංග්ස් කණ්ඩායමේ සියලු උත්සාහය අවසන් ඕවරයේදී ගිළිහුණු උඩපන්දුවේ සැඟව, නොපෙනී ගියේය.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊෙය් (13 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කරමින් ගාල්ල ක්‍රීඩකයෝ ෙහට (16 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේ ස්ථානය වෙන්කරවා ගත්හ.