පැතුම් වික්‍රමරත්න
කම්කරු නිලධාරීන් වෙත ලැබෙන කාර්මික ආරවුල් මාස 3 ක් තුළ විසදිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර සිටී
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත කිසිදු පාර්ශවයකට එම කාර්මික ආරවුල් කල් දැමීමට ඉඩ නොදිය යුතු බවද කම්කරු අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත.
මේ අතර, රාජ්‍ය සේවයේ ආරවුල් විසදීම සඳහා වන නව යාන්ත‍්‍රණයක් සකස් කිරීමට ඉකුත්දා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවද අමාත්‍යවරය සඳහන් කර ඇත .