නවතම පුවත්

කොරෝනා එන්නතේ අතුරු ආබාධ නැහැ – එන්නත ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා මාධ්‍යයට හෙළිකරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් සතියක් පමණ ගතව ඇතත් තමාට මෙතෙක් ඉන්  කිසිදු ආකාරයක අතුරු ආබාධයක් මතුවී නොමැති බව එම  කොවිඩ් එන්නත ලබාගත්  පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සැලකෙන එංගලන්තයේ, පදිංචි  විශේෂඥ වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටී.

දකුණු එංගලන්තයේ, සරේ ප්‍රදේශයේ ෆ්‍රිම්ලි පාක් (Frimley Park Hospital) රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු වන  ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් මහතාට ෆයිසර් සමාගමේ  නිෂ්පාදිත   මෙම කොවිඩ්  එන්නත ලැබුණේ පසුගිය  08 දින  උදෑසන 8 ටය. එම රෝහලෙන් එන්නත ලබාදුන් පළමු පුද්ගලයා වන්නේද  ඔහුය.

මෙම එන්නත ලබාගැනීමෙන් පසුව තමාට ශරීරයේ  කිසිදු  වෙනසක් නොදැනුන බවත් ,තමා එන්නත ලබාගැනීමෙන් පසුවද දිගටම රාජකාරියට වාර්තා කල බවත් ප්‍රේමචන්ද්‍රන් මහතා බී . බී. සී . (BBC) පුවත් සේවයට සඳහන් කර ඇත.

දිගින් දිගටම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ නිරතව සිටින වෛද්‍ය ප්‍රේමචන්ද්‍රන් මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ මෙවන් එන්නතක් නිපදවීම පිළිබඳව තමා වැන්නවුන් අතිශය සතුටට පත්වන බවයි.

තමන් ඇතුළු පිරිසකට එන්නත ලැබුණ නමුත් එමගින් සියල්ල නොවිසඳෙන බව ද වෛද්‍ය ප්‍රේමචන්ද්‍රන් මහතා මෙහිදී  අවධාරණය කර ඇත.

“එන්නතක් සොයාගැනීම කියන්නේ ඉතාම හොඳ තත්ත්වයක්. නමුත් අපිට තවත් ගොඩක් දුර යන්න තියෙනවා. අප තවදුරටත් සෞඛ්‍ය පුරුදු පවත්වාගත යුතු යයිද ප්‍රේමචන්ද්‍රන් මහතා සඳහන් කර ඇත.

පළමු එන්නත ලබාගැනීමෙන් දින 21 කට පසුව ප්‍රේමචන්ද්‍රන් මහතා  එහි දෙවෙනි මාත්‍රය ලබාගත යුතුය. එක මාත්‍රයක් මගින් රෝගය යළි වැළඳීම 70% කින් අඩු කරන අතර, දෙවෙනි මාත්‍රය ලබාගත් විට එය 90% ක් දක්වා අඩුවේ . ඒ අනුව ප්‍රේමචන්ද්‍රන් මහතා ලබන 29 දින  කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට නියමිතය.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !