ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි

Picture of අසංක

අසංක

Update
මියගොස් ඇත්තේ ශාලින්ද අමරකෝන් නමැති 23 හැවිරිදි ගුවන් හමුදා ආධුනික ගුවන් නියමුවෙකි.

කෑගල්ලේ පදිංචිකරුවකු වන ඔහු කෑගලු විද්‍යාලයේ ආදි සිසුවෙකි.

————-
Update
කන්තලේ ප්‍රදේශයට කඩාවැටුණු ගුවන් හමුදා පුහුණු ගුවන් යානය පැදවූ ආධුනික ගුවන් හමුදා නියමුවා අනතුරින් මියගොස් තිබේ.
————–

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් කන්තලේ ප්‍රදේශයට කඩා වැටී තිබේ.

එය ගුවන් ගත වී ඇති චීන වරාය ගුවන් හමුදා කඳවුරෙනි.

යානය ගුවන් ගත වී ඇත්තේ ගුවන් හමුදාවේ එක් නියමුවකු සමග පමණක් බවට දැනට වාර්තා වී තිබේ.

අනතුරට පත්වූ ගුවන් නියමු එස්.අමරකෝන්