නෙදර්ලන්තය සති පහකට “ලොක්ඩවුන්”

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් නෙදර්ලන්තය අද (15) සිට සති 05ක කාලයක් වසා දැමීමට එරට රජය  පියවර ගෙන ඇත.

ඒ් අනුව ලබන  ජනවාරි මස 19 වන දින දක්වා රට වසා දැමෙන බවද නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් ප්‍රකාශ කර ඇත.

මෙම තීරණයත් සමග සියලු පාසල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙදසැල් වසාදැමීමට පියවර ගෙන ඇති අතර අත්‍යාවශ්‍ය නොවන විදෙස් සංචාර ලබන මාර්තු මාසය දක්වා අත්හිටුවන ලෙස ද  ඒරට අග්‍රමාත්‍යවරයා එරට වැසියන්ට දැනුම් දී තිබේ.