ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් ඛට්ටක්, එම මැතිනිය සයීඩා සාද් සහ මහකොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය සම්බන්ධීකාරක කල්සූම් කයිසර් යන මහත්ම මහත්මින් පසුගිය දා වන දින හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී රේ රෙන් මහතා සහ එහි (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා විසින් ඔවුන්ව පිළිගත් අතර වරායේ මෙහෙයුම් හා සංවර්ධනය ඇතුළු අංශ පිළිබඳව රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කළහ