ඇලස්කාවේ සෞඛ්‍ය සේවකයකුටත් ෆයිසර් එන්නත ඇලජික් වෙයි

Picture of අසංක

අසංක

කොවිඩ්-19 ආසාදිතයින් සඳහා දෙන ෆයිසර් සහ බයෝ එන්ටෙක්ස් එන්නත භාවිත කළ ඇලස්කාවේ සෞඛ්‍ය සේවකයකුට දැඩි අසාත්මිකතා ඇති වී තිබේ.

නමුත් කොවිඩ් -19 එන්නත පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ එන්නත තවමත් සාමාන්‍ය ජනතාවට ආරක්ෂිත බවයි.

රෝහලට ගිය පසු සෞඛ්‍ය සේවකයාගේ තත්වය ස්ථාවර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එංගලන්තයේ සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට ද පසුගිය සතියේ මෙම එන්නත සම්බන්ධයෙන් මේ හා සමාන ප්‍රතික්‍රියා දැක්වීය.

එංගලන්තයේ සෞඛ්‍ය සේවකයක් දෙදෙනාට මෙන් නොව, ඇලස්කන් සෞඛ්‍ය සේවකයාට ඖෂධ සඳහා අසාත්මිකතා පිළිබඳ ඉතිහාසයක් නොමැති බව වාර්තා වේ.