කොරෝනාවේ ආරම්භය සොයා විශේෂඥයින් පිරිසක් චීනයට .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසයේ ආරම්භය පිලිබඳ පර්යේෂණ කිරීම  සඳහා විශේෂඥයින් කණ්ඩායමක් චීනය වෙත පිටත්කර හැරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර ඇත .

චීනය හා ලෝක සෞඛ්‍ය සංවිධානය අතර ඇතිකරගත් එකඟතාවයක් මත මෙම  විද්‍යාත්මක  පරීක්ෂණ සිදුකෙරෙන අතර , ඒවාට පූර්ණ සහය ලබාදීමටද චීන බලධාරීන් මේ වනවිට ඉදිරිපත්ව සිටී .

කොරෝනා වෛරසයේ ආරම්භය සම්බන්ධව වැදගත් කරුණු රැසක් මෙම පර්යේෂණ හරහා සොයාගත හැකිවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාසය පළකර ඇත .

චීනයේ වූහාන් පලාතෙ සත්ව මාංශ අලෙවිසලකින්  මෙම වෛරසය ආරම්භවූ බවට මුලින් බොහෝදෙනෙකු විශ්වාස කල නමුත් මේ වනවිට ඊට ප්‍රතිවිරුද්ධ මත රැසක්ද ඉදිරිපත්ව ඇත .