අල්ලසට එරෙහිව ඓතිහාසික තීන්දුවක් , RMV සේවකයින් 600කට ස්ථාන මාරු .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇතැයි, එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් මහතා සඳහන් කර සිටී .
තමන් සහ මේ වසරේ ජනවාරි පළමු වැනිදාට පසු සේවයට බැඳුණු අය පමණක් තවදුරටත් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනු ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත අද පැවසීය .

ජනතාවගෙන් අල්ලස් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සලකා බලා මෙම රජය මෙම තීරණය ගෙන ඇතැයි ද සුමිත් අලහකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.