නවතම පුවත්

කොරෝනා එන්නත් ලබන පෙබරවාරියේ ශ්‍රී ලංකාවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ  සහ රුසියාවේ නිෂ්පාදනය කල  කොවිඩ් මර්දන එන්නත් මෙරටට ලබාගැනීම සඳහා දැනටමත් එම රාජ්‍යයන් දෙක සමග රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .

ඒ අනුව ලබන පෙබරවාරි මස වන විට එම එන්නත් මෙරටට ගෙන්වීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඒ මහතා අප වෙබ් අඩවියට පැවසීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .

“රුසියානු සහ චීන එන්නත් පිළිබඳවත් අපි කරුණු අධ්‍යයනය කරනවා. අපි මේ වෙනකොටත් චීන රජය සහ රුසියානු රජය සමග රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මේ පිළිබඳව සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව එන්නත ලබාගන්න පුළුවන් පළවෙනි අවස්ථාවෙදිම ඒක අපේ රටට ගෙන්වනවා .  පෙබරවාරි දෙවනි සතිය වෙනකොට එන්නතක් ශ්‍රී ලංකාවට ගෙන්වලා ලබාදෙන්න පටන් ගන්න පුළුවන් වෙයි කියලා  අපි අපේක්‍ෂා කරනවා “

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා