ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත් කරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය මහ  මැතිවරණයෙදී අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අද (18) අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම ප්‍රකාශයට පත් කර ඇති බවයි.

අපේ ජන බල පක්ෂයේ මැතිවරණ ව්‍යපාරයේ තේමාව වූයේ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් පාර්ගිමේන්තුවට පත් කිරිමට නිවසකික් එක ඡන්දයක් අපේ ජන බල පක්ෂයට ලබාදෙන ලෙසයි ඒ අනුව අපේ ජන බල පක්ෂය ඡන්ද 67,758 ක් ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 0.58% ලෙස දැක්වූවා. ඡන්දය අවසන්වීමෙන් පසු පක්ෂයේ ලේකම් වූ වේදනිගම විමල තිස්ස හිමියන් අතුරුදහන් වීමත් සමගම මන්ත්‍රීධූරය පිලිබදව අර්බූදකාරි තත්වයක් ඇතිවූ අතර විමල තිස්ස හිමියන් පක්ෂයේ ලේකම්ධූරයෙන්ද ඉවත් කරනු ලැබුවා.

අතුරලියේ රතන හිමියන් පත් කල  ගැසට් නිවේදනය පහතින්.