කොවිඩ් මරණ 5න් අද දිනයේ වාර්තා වීමත් සමග මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 165ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් මරණ 3ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්රික්කයෙන් පිටත ප්රදේශවලිනි.
කොළඹින් පිටතදී එනම්, අගලවත්ත ප්රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මග්ගොන ප්රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක් සහ වතුපිටිවල ප්රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් තිබේ.
කොළඹ 15 ප්රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මහරගම ප්රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ද කොවිඩ් හේතුවෙන් මියගොස් ඇත.