කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට තවත් කන්ටේනර් 5ක් ලබාදෙන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඒ අධිකරණ අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමිනි.
ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, මීගමුව යන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල වෙතත්, කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ රෝහල වෙතත් මළ සිරුරු රඳවා තැබිය හැකි සිසිල් කළ කන්ටේනර් 05ක් ලබාදෙන ලෙස ලිපියෙන් ඉල්ලා තිබේ.
මේ වන විටත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මළ සිරුරු සිසිල් කළ හැකි කන්ටේනරයක් තබා තිබේ.
 
				 
 
 
 
 
 
 
 
 
 


