නවතම පුවත්

එංගලන්තයෙන් ආරම්භ වූ නව කොවිඩ්-19 ප්‍රභේදය  රටවල් 3කින් සොයා ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර
ගිනිකොනදිග එංගලන්තයෙන් ආරම්භ වූ නව කොවිඩ්-19 ප්‍රභේදය ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව දක්වා හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කොවිඩ් -19 තාක්ෂණික නායක මාරියා වැන් කර්කොව් පවසයි.
“මෙම නව ප්‍රභේදය නෙදර්ලන්තයේ, ඩෙන්මාර්කයේද හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ එක් සිද්ධියක් ඇති අතර, එය එතැන තවදුරටත් ව්‍යාප්ත නොවූ බවත් අප තේරුම් ගෙන තිබෙනවා” ඇය පැවසුවාය.
නව ප්‍රභේදය ගිනිකොනදිග එංගලන්තයෙන් ආරම්භ වූවක් හෝ පරිණාමය වූවක්ද යන්න පිළිබඳ විමසූ විට ඇය පැවසුවේ, “ඔව්, ගිනිකොනදිග එංගලන්තයේ හෝ ලන්ඩනයේ අප සමග බෙදාගත් තොරතුරුවලින් ඒ බව සනාථ වෙනවා.” යනුවෙනි.
“එක්සත් රාජධානිය පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම නව ප්‍රභේදයේ පැවැත්ම හඳුනාගෙන ඇති අතර, මෙය සැප්තැම්බර් මාසයේ සිට ගිනිකොනදිග එංගලන්තයේ සංසරණය වෙමින් පැවතී තිබෙනවා.” ඇය සඳහන් කළාය. “වෛරසයක් පැතිරීම හා එයට බොහෝ විකෘති ඇති බව සැලකිලිමත් විය යුතු කරුණක්.”
ඇය තවදුරටත් පැවසුවේ, “එක්සත් රාජධානිය අප සමග බෙදාගත් මූලික තොරතුරුවලින් වෛරසය වඩාත් දරුණු රෝග ඇති නොකරන බව අප තේරුම් ගෙන තිබෙනවා. නමුත් මේ ප්‍රභේදය සහිතව රෝහල්ගත රෝගීන් පිළිබඳව නැවත වරක් එම අධ්‍යයනයන් සිදු කෙරෙමින් පවතිනවා.” යනුවෙනි.
මෙම ප්‍රභේදය වෙනත් තැනක සංසරණය වන්නේද යන්න තීරණය කිරීම සඳහා වැඩි අනුක්‍රමයක් කිරීම ප්‍රයෝජනවත් වනු ඇතැයි වැන් කර්කොව් පැවසීය.
“කොරෝනා වෛරසය පැතිරෙන තාක් කල් එය වෙනස් වීමට ඇති අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා පැතිරීම වැළැක්වීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කළ යුතුයි.” WHO කොවිඩ් -19 තාක්ෂණික නායක මාරියා වැන් කර්කොව් අවධාරණය කරයි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා