නවතම පුවත්

බස්නාහිර පළාත , කොවිඩ් රෝගීන්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීම අපගේ ඉලක්කයයි – බැසිල්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රටේ ආර්ථිකය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ජනවාරි මාසයේ සිට බස්නාහිර පළාත එකදු කොවිඩ් ආසාදිතයකුවත් නොමැති පළාතක් බවට පත්කළ යුතුව ඇතැයි ආර්ථික පුනර්ජීවන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී

ඊට අවශ්‍ය කටයුතු මේ වනවිට රජයත් සෞඛ්‍ය බලධාරීන්ද එක්ව ක්‍රියාත්මක කරන බවත් .එම කටයුතු වල සාර්ථකත්වය අපේ සැනසීම හෝ වැනසීම ලබන වසරේදී තීරණය කරනු ඇති බවත් ඒ මහතා පැවසීය

“ගම සමඟ පිළිසඳරක් වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය . මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

බස්නාහිර පළාත කියන්නේ ප්‍රධානම පළාතක්. රටේ ආර්ථිකයත් ඉදිරි ගමනත් සාර්ථකව ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාතෙන්. ජනවාරි මාසයේ සිට එකම ආසාදිතයෙක් හෝ නොමැති පළාතක් බවට බස්නාහිර පළාත පත්කළ යුතු වෙනවා. අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන් එවිට. ඒකාබද්ධ වැඩපිළිවෙලක් යනවා බස්නාහිර පළාතේ ජල මූලාශ්‍ර රැක ගැනීම සඳහා. ඒ වෙනුවෙන් ආරක්ෂක වන වගාවන් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙනවා.

බස්නාහිර පළාත අකර්මන්‍ය වුණොත් මුළු රටටම බලපානවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ මැනිං එළවළු වෙළඳපොල වැහුවම ඒක මුළු රටටම බලපෑවා. ආයෝජන අවස්ථා පවා ලැබෙන්නේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙනයි. ඒ නිසා බස්නාහිර පළාත තුළ මේ අයවැය යෝජනා සාර්ථකව ක්‍රියාත්මක කළ යුතුයි.” .

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි