නවතම පුවත්

ධම්මික බණ්ඩාර වෙදමහතාගේ කොරෝනා ඖෂධය  පූර්ණ අනුමැතියට තව දුරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොවිඩ්-19 වෛරසයට එරෙහිව ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කර ඇතැයි කියන දේශීය ඖෂධයට  ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාරධර්ම කමිටුවෙන්  අනුමැතිය ලැබුණු පසුව එය  විද්‍යාත්මක පරීක්ෂණයට භාජනය කිරීමට  සැලසුම් කර ඇති බව කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරසිටී.
මෙම ඖෂධය දැනට  ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් මෙම ඖෂධය අනුමත කර ඇති බවත් ආචාරධර්ම කමිටුවට මෙම පරීක්ෂණය පිළිබඳ තොරතුරු අද (23) ඉදිරිපත් කරන බවත් ඔහු කැබිනට්මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය
“බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා මෙම ඖෂධය  භාවිත කරනවා නම් එයට සාක්ෂි මත පදනම්ව මෙය ඖෂධය භාවිත කිරීමෙන් රෝගය නිශ්චිතව සුව වෙන බවට පරීක්ෂණයක් සිදුකළ යුතුයි. එම පරීක්ෂණයට අවශ්‍ය මුලික අනුමැතිය ලබාගැනීම සිදුවෙනවා. එම පරීක්ෂණයෙන් පසුව අපිට නිශ්චිතව එය බටහිර වෛද්‍ය විද්‍යානූකූලව රෝගය නිශ්චිතව සුව කිරීමට සමත් ද කියන එක අපිට හෙළි කළ හැකියි.
එතකල් අපිට ඒ සම්බන්ධයෙන් බලා සිටීමට සිදුවෙනවා. ස්වාධීන කැමැත්තෙන් ඖෂධය ලබා ගන්නා අය වළක්වන්න බෑ. මොකද දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඔවුන් එය ආහාර සංඝටකයක් ලෙස ඔවුන්ට අනුමැතිය ලබාදීලා තියෙනවා. ” යනුවෙන්ද  ඒ මහතා සඳහන් කළේය.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා