නවතම පුවත්

වාර විභාගය නැතුවම සියලුම පාසල් සිසුන්  ඊළඟ ශ්‍රේණියට උසස් කෙරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ / ප්‍රබෝධා හෙට්ටිආරච්චි
2020 වර්ෂයේ තුන්වැනි පාසල් වාරය ඊයේ (23) දිනයෙන් අවසන් වූ අතර  සියලුම පාසල් සිසුන් ඊළඟ ශ්‍රේණියට උසස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
ඒ අනුව  බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කයන්හි පාසල් සහ හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර 2021 වර්ෂයේ නව පාසල් වාරය  ජනවාරි මස 11 වැනි දින ආරම්භ වීමට නියමිතය.
පාසල් පෙළපොත්, මෙම වර්ෂය අවසානයේ දී සියලු සිසුන් වෙත ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇත.
මේ අතර 2020 විෂය නිර්දේශ ආවරණය වී නොමැති නම් පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස්දී තිබේ.
ඒ අනුව 2021 වර්ෂයේ නව පන්තියේ පළමු වාරයේ මුල් මාස දෙක අතරතුර පාසල් මට්ටමින් සුදුසු වැඩපිළිවෙළක් යොදාගනිමින් එම විෂය කොටස් ආවරණය කිරීමට පියවර ගත යුතුය.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා