ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරට සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය මේ වන විට සාක්ෂිකරුවන් 1570 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඉන් 436 දෙනෙකුගෙන් ජනාධිපති කොමිසම සාක්ෂි විමසීම් සිදුකර ඇත.
ඉකුත් වසරේ අප්‍රේල් මස 21 වන දින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා මෙම පංච පුද්ගල ජනාධිපති කොමිසම පත්කරනු ලැබීය.
අවස්ථා කිහිපයක දී දීර්ඝ කර ඇති ජනාධිපති කොමිසමේ නිල කාලය මේ වන විට ජනවාරි මස 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.