නවතම පුවත්

පෞද්ගලික අංශයේ  විශ්‍රාම යන වයස මනාපය අනුව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු හැට දක්වා දීර්ඝ කර ඇතත් , යම් සේවකයෙකුට වයස අවුරුදු 55 දි සිය සේවය අවසන් කර EPF හා ETF තැන්පත් ලබා ගැනීමට අවශ්‍ය නම් ඊට අවස්ථාව ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටී.
අවුරුදු 60 දක්වා සේවය කිරීම හෝ අවුරුදු 55 දී විශ්‍රාම යාම තම කැමැත්තට අනුව සිදුකිරීමට සේවකයාට අයිතියක් ඇති බවද කම්කරු අමාත්‍යංශයේ පැවති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේදී අමාත්‍යවරයා පැවසීය .
“මෙම තීන්දු ක්‍රියාත්මක කිරීමේදී වෘත්තීය සමිති නායකයින් විසින් සිය
සාමාජිකයන්ට අවශ්‍ය නම් වයස අවුරුදු 55න් විශ්‍රාම යාමට ඇති අයිතිය තහවුරු කළ යුතු යන මතය පිළිගත යුතු බවද, එසේ පනස් පහෙන් විශ්‍රාම යන්නේ නම්ඔවුන්ට එසේ විශ්‍රාම යන අවස්ථාවේ තමන්ගේ අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ලබාදීම සාධාරණ බවය.
එසේම වයස අවුරුදු 60 දක්වා සේවයේ යෙදීමට කැමැත්ත පළ කරන්නේ නම් එම සේවකයන්ට වයස අවුරුදු 60න් විශ්‍රාම යන අවස්ථාවේදී එම අර්ථ සාධක අරමුදල ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය .
එසේම විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55 ලෙස තීරණය වූ කාලෙට වඩා අද ආයු අපේක්ෂාව වැඩි වී ඇති නිසා ජාතික විශ්‍රාම ගැන්වීමේ වයස ද ඊට සාපේක්ෂකව ඉහළ දැමිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය ක⁣ළේය.
මේ පිළිබඳව කරුණු දැක්වූ හාම්පුතුන්ගේ සම්මේලනොයේ නියෝජිතයන් කියාසිටියේ ප්‍රතිපත්තියක් වශයෙන් මෙම යෝජනාව පිළි ගත හැකි වුණත්, සමහර කාර්මික ක්ෂේත්‍රයන්හි වයස අවුරුදු 55 න් පසු සේවකයන් රඳවා තබාගැනීමේ ප්‍රායෝගික ප්‍රශ්න හා ගැටලු මතුවන බවය.
 එසේම මෙම  වයස අවුරුදු පනස්පහක් ඉක්ම වූ අයගෙන් ලබාගත හැකි නිෂ්පාදන සහ සේවා ඵලදායිතාවය පවතින්නේ අඩු අගයක බැවින් එම සේවකයන් වයස 60 දක්වා සේවයේ රඳවා ගැනීම සම්බන්ධව සේව්‍ය පාර්ශවයන්ට අර්බුද පැන නඟින බවය.
එම නිසා එසේ ජාතික විශ්‍රාම ගැන්වීමේ වයස හැට දක්වා දීර්ඝ කරන්නේ නම් දැනට සාමූහික ගිවිසුම්වල ඇති අන්තර්ගත කරුණු ද ඇතුළත් කර අදාල පනත් සංශෝධනය කිරීමේ වැදගත්කම සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
මේ පිළිබද යම් නිර්නායකයන් අදාල පනත් සංශෝධනයන්ට ඇතුලත් කිරීමට අවශ්‍ය නම් වෘත්තීය සමිති නායකයන් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ
නියෝජිතයන් සාකච්ඡා කර එම යෝජනා තමන් වෙත ලබාදෙන ලෙස
අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කළේය. ඒ අනුව කම්කරු කොමසාරිස්
ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එකී සාකච්ඡා කමිටුව කඩිනමින් කැඳවා එම තීන්දු තීරණ අරගෙන තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාට මෙහිදී උපදෙස්
දුන්නේය . ඒ අනුව ඉදිරියේ දී මෙම මේ පනත් සංශෝධනයට අදාළ නීති
කෙටුම්පත් සකස් කිරීම සිදුකරන බව අමාත්‍යවරයා ජාතික කම්කරු උපදේශක සභා නියෝජිතයන්ට පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද  ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරමින්.ලෙස්ලි දේවේන්ද්‍ර,ඇන්ටන් මාකස්, සිල්වෙස්ටර්
ජයකොඩි,වසන්ත සමරසිංහ, ලීනස් ජයතිලක ඇතුළු වෘත්තීය සමිති නායකයින්ද මෙම අවස්ථාවට එක්විය.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා