ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික් 4ක අවදානම් ප්‍රදේශවලට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම අද (24) පෙරවරු 5.30 දක්වා කාලය සඳහා වලංගු වන බව ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහියෝවිට , මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කහවත්ත ප්‍රදේශවලට එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.