මේ අසිරිමත් නත්තලේ අසිරියෙන් ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සියලුම ක්‍රිස්තියානි බැතිමතුන්ගේ සෑම නිවසක්ම, සෑම හදවතක්ම සාමයෙන් සහ නිරෝගීභාවයෙන් පිරී ඉතිරේවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නත්තල් දින සුබ පැතුම් එක්කරමින් ප්‍රාර්ථනා කරයි.
අග්‍රාමාත්‍යවරයාගේ නත්තල සුබ පැතුම් පණිවුඩය පහත දැක්වේ.
“නත්තල ජේසුස් වහන්සේගේ ඉපදීමත්, දෙවියන් වහන්සේ මානව සංහතිය කරා සම්ප්‍රාප්තවීමත් සිහිගන්වයි. එය ප්‍රේමය සහ මානව ගරුත්වය සැමරුමක් ලෙස සිහිගන්වන සුභාරංචියයි.
මෙම උතුම් දිනයේදී සාමයේ හා දායාවේ පණිවිඩය අප හදවත් තුළ තහවුරු විය යුතුය. දිළිඳුන් මෙන්ම දරුවන් සොයා යමින් ඔවුන් සමඟ නත්තල ගත කරන්නට අධ්‍යාත්මිකව සිත යොමු කරන ගැඹුරු දහමක් නත්තල හා බැඳී පවතියි.
එම නිසා මෙවැනි උතුම් දිනෙක කාත් කවුරුවත් නොදත් බෙත්ලෙහෙමේ දිළිඳු ගවලෙනක හිස තබා ගන්නටවත් තැනක් නැති ගවඔරුවක සළු පිළි අහිමි සීතලේ උපන් බිළිදා සොයා යෑම අර්ථවත් නත්තලකට මග පාදන බව මාගේ විශ්වාසයයි.
අසිරිමත් නත්තලේ අසිරියෙන් ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සියලුම ක්‍රිස්තියානි බැතිමතුන්ගේ සෑම නිවසක්ම, සෑම හදවතක්ම සාමයෙන් සහ නිරෝගීභාවයෙන් පිරී ඉතිරේවා යැයි ප්‍රාර්ථනා කරමි.
ඔබ සැමට සුබ නත්තලක් වේවා! “