නවතම පුවත්

දෙවනගල  දෙදරයි සබරගමුව පළාත් ආණ්ඩුකාර  සමාව ගනී 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
දෙවනගල පර්වතය ආශ්‍රිත මීටර් 400ක ප්‍රේරණ කලාපයක් ඇති කිරීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ (24) පැවැත්වෙන අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන්  සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය.
ඒ අතරමග නතර වූ  අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  පැවැත්වු සභාවේ කටයුතු සම්පූර්ණයෙන් විකෘති කිරීම පිළිබඳව ය.
මෙම සාකච්ඡාව සඳහා ප්‍රදේශයේ ආගමික නායකයින්, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, ප්‍රදේශීය සභා මන්ත්‍රිවරු, බුද්ධශාසන අමාත්‍යාංශයේ නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන් සහ දෙවනගත අවට ගම්මාන 3ක ජනතාව එක්ව සිටියහ.
පවතින තත්ත්වය ගැන අරණායක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන අජන්ත දිසානායක මහතාගේ අදහස් දැක්වීමට විහාරාධිකාරී මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි විරෝධය පළ කළහ.
ඒ සමග මෙම උණුසුම්කාරී තත්ත්වය හටගත් අතර  තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් ද කැඳවීමට සිදුවිය.
උණුසුම් තත්ත්වය අතරතුර පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත දිසානායක මහතාගේ කමිසයේ කොලරයෙන් අල්ලා බැණවැදීමක් සිදුකරන අයුරුද දිස්වුණි.
කෙසේ වෙතත් එම සාකච්ඡාව අවසාන වූයේ අතරමඟ නතර වීමෙනි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා