වසංගත සමයක සිහිපත් කෙරෙන සුනාමි ව්‍යසනය

Picture of අසංක

අසංක

මීට වසර 16කට පෙර සිදුවූ සුනාමි ව්‍යසනයෙන් හානියට පත්වූ පුද්ගලයන් සිහිපත් කිරීම උදෙසා රට පුරා විවිධ ස්ථානවල දී අද පැවැත්විණ

සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගොස් 5000ක පමණ පිරිසක් අතුරුදන් විය.

2004 වසරේ දෙසැම්බර් මස 26වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් 26වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කරනු ලැබී ය.

ඒ අනුව මෙවර ජාතික සුරක්ෂිතතා දිනය ද අදට (26) යෙදී ඇත්තේ වසංගතයකින් ශ්‍රී ලංකාවම වෙලාගෙන ඇති පසුබිමකයි.

මේ අතර අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් සුරැකීමට ද වාර්ෂිකව සියලුම ස්ථානවල සිදුකෙරෙන්නකි. ප්‍රධාන සිහිපත් කිරීම පැවැත්වෙන්නේ සුනාමියේදී 1500ක් පමණ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය අනතුරට ලක්වූ හික්කඩුව පැරෑලියේ දීය.

ජාතික සුරක්ෂිතතා දිනය මෙවර සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නීති රීති අනුගමනය කරමින් සැමරීමට කටයුතු යොදාඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කීය.