කොරෝනා ආසාදිත මාකොල තරුණයෙක් පළාගිහින් – දුටුවොත් පොලිසියට කියන්න

Picture of අසංක

අසංක

මාකොළ උතුර සපුගස්කන්ද පදිංචිව සිටින කොරෝනා ආසාදිත තරුණයකු තමාට වෛරසය ආසාදනය වී ඇති බවට දැනගැනීමෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහු සොයා ගැනීමට ජනතා සහය පතන බව පොලීසිය පවසයි .

PCR පරීක්ෂාවෙන් පසු ඔහු නිවාස නිරෝධායනයට ලක්කර ඇති අතර ප්‍රතිඵල ලැබුණු පසු වෛරසය ආසාදිතයකු බවට දැනගත් වහාම ඔහු මෙලෙස පලාගොස් ඇත.

ඡායාරූපයේ සිටින ඔහු පිළිබද යම් තොරතුරක් වෙතොත් පහත අංක වෙත දන්වන්නැයි සපුගස්කන්ද පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.