ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග , “දශකයේ ක්‍රිකට් කණ්ඩායම් ” සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගෙන ඇත .
වසර 2010 සිට 2020 දක්වා අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සුවිශේෂී දස්කම් දැක්වූවන් අතුරින් ඒ ඒ කණ්ඩායම් සඳහා යොදාගත හැකි හොඳම ක්‍රීඩකයන් 11 දෙනා දශකයේ ක්‍රිකට් කණ්ඩායම් වලට තෝරා ගෙන ඇති අතර . අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂ තේරීම් මණ්ඩලයක් විසින් මෙම කණ්ඩායම් තෝරාගැනීම සිදුකර ඇත
ඒ අනුව කුමාර් සංගක්කාර දශකයේ ටෙස්ට් පිලට ඇතුළත්ව සිටින අතර ලසිත් මාලිංග දශකයේ එක්දින කණ්ඩායමට මෙන්ම දශකයේ විස්සයි-20 කණ්ඩායමටද ඇතුළත් වී සිටී.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලැබූ දශකයේ ක්‍රිකට් කණ්ඩායම් මෙසේය ,
දශකයේ ටෙස්ට් කණ්ඩායම (පිතිකරු අනුපිළිවෙල)
ඇලිස්ටෙයාර් කුක්, ඩේවිඩ් වෝනර්, කේන් විලියම්සන්, විරාට් කෝලි (නායකයා), ස්ටීව් ස්මිත්, කුමාර් සංගක්කාර (කඩුලු රකින්නා), බෙන් ස්ටෝක්ස්, රවිචන්ද්‍රන් අශ්වින්, ඩේල් ස්ටේන්, ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන්.
දශකයේ එක්දින කණ්ඩායම (පිතිකරු අනුපිළිවෙල)
රෝහිත් ෂර්මා, ඩේවිඩ් වෝනර්, විරාට් කෝලි, ඒ. බී. ඩිවිලියර්ස්, සකිබ් අල් හසන්, මහේන්ද්‍ර සිං දෝනි (නායකයා), බෙන් ස්ටෝක්ස්, මිචෙල් ස්ටාක්, ට්‍රෙන්ට් බෝල්ට්, ඉම්රාන් තාහීර් සහ ලසිත් මාලිංග
දශකයේ විස්සයි-20 කණ්ඩායම (පිතිකරු අනුපිළිවෙල)
රෝහිත් ෂර්මා, ක්‍රිස් ගේල්, ඒරන් ෆින්ච්, විරාට් කෝලි, ඒ.බී.ඩිවිලියර්ස්, ග්ලෙන් මැක්ස්වෙල්, මහේන්ද්‍ර සිං දෝනි (නායකයා), කිරන් පොලාර්ඩ්, රෂීඩ් ඛාන්, ජස්ප්‍රීට් බුම්රා සහ ලසිත් මාලිංග