කොවිඩ් මළසිරුරු භූමදානයට ඉඩදෙන්නැයි අමරපුර හා රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවෙන් ජනපතිට ඉල්ලීමක්

Picture of අසංක

අසංක

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියයන ජනතාවගේ මළ සිරුරු යම් කොන්දේසිවලට යටත්ව භූමදානය සඳහා ඉඩ දිය යුතු බව ශ්‍රී ලංකා අමරපුර හා රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ.

මේ සඳහා වෛරස විශේෂඥයන්, ආගමික නායකයින් ඇඇතුළු අදාළ සියලු පාර්ශ්ව හදිසි රැස්වීමක් කැඳවා සාකච්ඡා කරන ලෙසත් එම ලිපි මගින් ඉල්ලා තිබේ.

භූමදාන ක්‍රමයේදී පවතින ඵලදායිතාව මැන ගැනීම සඳහා මුල් අවස්ථාවේ දී කිසියම් පරීක්ෂණයක් සිදුකර බලන ලෙස ද එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.