ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රාමු අනුව එන්නත මෙරටට ගෙන්වනවා – ලලිත් වීරතුංග

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙරටට කොරෝනා  එන්නත් ලබා දෙන්නේ නිශ්චිත  නීති රාමුවකට යටත්ව බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත

ඒ අනුව  එලෙස ලබාදෙන එන්නත්වල වගකීම, එය නිපදවූ සමාගම විසින් නොදරනු ඇති අතර ශ්‍රී ලංකාවට ලබාදෙන අදාළ එන්නත් තොගයේ වියදම එක්සත් ජාතීන් සංවිධානය  විසින් දරනු ඇති.බවද ඔහු මෙහිදී පැවසීය

එන්නතක් ලබා ගැනීමට ඇති සියලු විකල්ප පිළිබඳව  දීර්ඝ ලෙස සාකච්ජා  සිදුකෙරෙමින් ඇති බවද  ඒ මහතා පැවසීය .

ඒ අනුව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් , චීනයේ නිෂ්පාදිත සිනොවැක් හා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සොයා ගන්නා ලද ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් තුන මෙරටට ලබා ගැනීමේ වැඩි ඉඩක් ඇතැයිද  ඔහු වැඩිදුරත් පැවසී ය.